ඉදිරි වසර දෙක තුළ කැනඩාවට ඇතුළත් කර ගනු ලබන ස්ථිර පදිංචිකරුවන් සංඛ්‍යාව සැලකිය යුතු කප්පාදුවකට ලක් කිරීමට ෆෙඩරල් රජය කටයුතු කරමින් සිටී. ඒ අනුව කැනඩාව ස්ථිර සංක්‍රමණ සියයට 20 කින් අඩු කරන බව නොවැම්බර් 24 වැනි දින අගමැති ජස්ටින් ටෲඩෝ නිල වශයෙන් නිවේදනය කොට තිබුණි. නව සැලැස්ම යටතේ ලබන වසරේදී 365,000 කට කැනඩාවට පැමිණීමට අවස්ථාව සැලසේ
එසේම තාවකාලික රැකියා බලපත්‍ර සම්බන්ධයෙන් දැඩි නීති රීති පැනවීමටද සරණාගතභාවය අයදුම් කරන්නන්ගේ ඉල්ලුම්පත් කඩිනමින් විමසා බැලීමට විශේෂ වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කිරීමටද රජය අදහස් කරයි.
2022 සහ 2023 වසරවලදී මිලියන 2.3 ක පිරිසකට කැනඩාවේ දොරටු විවර කිරීමට ෆෙඩරල් රජය කටයුතු කොට තිබුණි. තවත් 240,000 ක් 2024 පළමු කාර්තුවේදී පමණක් පැමිණ ඇත. මෙය මෙට්‍රෝ වැන්කූවර්හි මුළු ජනගහනයම එකතු කිරීමට සමාන බව ඒ පිළිබඳව අදහස් දක්වන සමාජ ක්‍රියාකාරීහු පවසති. කැනඩාවේ නිවාස තත්ත්වය, සෞඛ්‍ය සේවා, අධ්‍යාපන ආයතන ආදියට නොසෑහෙන ජනගහන ඝනත්වයක් ඇති වීමත් ආහාර බැංකු පිරී ඉතිරෙන ජනගහනයෙන් සියයට 80 ක්ම මෑත සංක්‍රමණිකයන් වීමත් වැනි කරුණු නිසා මෙය වහාම අවධානය යොමු කළ යුතු තත්ත්වයක් බව ඔවුහු පවසති.
ටෲඩෝගේ සංක්‍රමණික කප්පාදුව ගැන අදහස් දක්වන කොන්සර්වේටිව් නායකයා පවසන්නේ, මෙය ටෲඩෝ ඔහුගේම පැරණි ආගමන ප්‍රතිපත්තිවලට පහර දෙමින් සිදුකරන මහා උත්ප්රාසජනක උත්සාහයක් බවයි. මීට වසර දෙකකට පෙර වෙනත් කිසිවෙකු මේ පියවර ගත යුතු බවට යෝජනා කළේ නම්, ලිබරල්වරුන් ඒ පුද්ගලයා වර්ගවාදියෙකු ලෙස හඳුන්වනු ඇතැයි පොලිවියර් පවසයි.
නව සංක්‍රමණික නීති ක්‍රියාත්මක කිරීම පිළිබඳව, ආගමන සරණාගතයින් සහ පුරවැසිභාවය පිළිබඳ අමාත්‍ය Marc Miller, House of Commons ආගමන කමිටුවට පසුගියදා අදහස් දක්වා තිබුණි. එහිදී ඔහු පවසා සිටියේ සරණාගත ඉල්ලුම් කිරීම් සැකසීම සම්බන්ධයෙන් ගැටලු සහිත තැන් පවතින බවයි. ඉල්ලුම් කරන්නන්ගේ පරිමාව වැඩිවීම මෙන්ම ආකාර්යක්ෂමතාවයත් මීට හේතු වී ඇති බවත් එයින් සරණාගත පද්ධතිය ක්‍රියා කළ යුතු ආකාරයට ක්‍රියා නොකරන බවත් ඔහු පෙන්වා දෙයි. කැනේඩියානු නිලධාරීන් විසින් සපයන සංඛ්‍යාලේඛනවලට අනුව සරණාගතයින් සඳහා සරණාගත ඉල්ලීම් සැකසීමට සාමාන්‍යයෙන් පොරොත්තු කාලය මාස 44 ක් පමණ ගත වේ. මේ පිළිබඳ අදහස් දක්වන මාක් මිලර්, මේ පද්ධතිය ප්‍රතිසංස්කරණ කිරීමට අවශ්‍ය බව පවසා සිටියි. සරණාගතභාවය ඉල්ලුම් කරන්නන් මෙරට වැඩි කාලයක් රැඳී සිටීම සඳහා විවිධ හේතු ගොනු කරන නමුත් සැබෑ සරණාගත ඉල්ලීම්වලදී එසේ කිරීමේ අවශ්‍යතාවක් නොවන බව ඔහු පෙන්වා දේ. විශේෂයෙන්ම මේ දිනවල ශිෂ්‍ය වීසා බලපත්‍ර මත සිටින පුද්ගලයින් වැඩි සංඛ්‍යාවක් සරණාගත ඉල්ලීම් ගොනු කිරීම අවධානය යොමු කළ යුතු කරුණක්ව පවතින බව ඔහු පවසා සිටියි. “Don’t deport us! Don’t be racist! Rights not cuts! Status for All!” වැනි සාණුකම්පිත කරුණු පවසමින් ශිෂ්‍ය වීසා හිමිකරුවන් සිදුකරන විරෝධතා සාණුකම්පිත වුවත් රටක පවතින නීති රාමු යටතේ ක්‍රියාත්මක වීමට සිදුවන බව සෑම දෙනෙක්ම වටහාගත යුතු බව ඔහු පවසා සිටියි.