ඩොලර් බිලියන 8.8 ක් වැය කරමින් බ්‍රිටිෂ්කොලොම්බියාවේ සාම ගඟ (Peace River) හරහා ඉදිකිරීමට සූදානම් වන දැවැන්ත ජලවිදුලි වේල්ලෙහි වැඩ කටයුතු නවතන ලෙස ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය විසින් ඉල්ලීම් කර ඇත. අඩවි සී (Site C) ලෙස නම්කර ඇති මෙම ව්‍යාපෘති ඉදිකිරීම් නිසා කැනේඩියානු ස්වදේශීය ජනයාගේ මානව අයිතිවාසිකම් කඩ වෙන බව එම සංවිධානය පෙන්වා දේ.
මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් දී ඇති ඉදිකිරීම් අනුමැතිය සහ බලපත්‍රය වහාම අත්හිටුවීමට හෝ අවලංගු කිරීමට කටයුතු කරන ලෙස ෆෙඩරල් රජයට සහ B.C. පළාත් ආණ්ඩුවට මේ වන විට මෙම ස්වාධීන මානව හිමිකම් වෙනුවෙන් කටයුතු කරන්නන් විසින් වාර්තාවක් ඉදිරිපත් කරමින් දන්වා ඇත.
දේශීය ජනතාව වෙත මෙම ව්‍යාපෘතිය පිළිබඳව පූර්ව දැනුවත් කිරීම් සිදුකර ඔවුන්ගේද කැමැත්ත පරිදි මෙය ඉදිරියට යා යුතු බවත් මෙම වැඩපිළිවෙළ නිසා ඔවුන්ගේ නිදහසට කිසිදු බලපෑමක් එල්ල නොවිය යුතු බවත් The Point of No Return ලෙස නම් කර ඇති මෙම වාර්තාවේ සඳහන් වේ.
මෙම ව්‍යාපෘතිය නිසා තම වර්ගයාට සිදුවන අයහපත සම්බන්ධයෙන් අධිකරණය වෙත යෑමට අවම වශයෙන් හේතු දෙකක් පමණක් වුවත් මුල් පදිංචිකරුවන්ට සෑහෙන බව මෙම මානව හිමිකම් කණ්ඩායම පවසයි.
සාම ගඟ ආශ්රිත මෙම ප්‍රදේශයේ පුරාවිද්යාත්මන වටිනාකම පිළිබඳව ක්ෂමා සංවිධානයේ වාර්තාවේ විශේෂයෙන්ම සඳහන් කර ඇත. මේ ගංගාදාරයේ ජීවත් වූ පැරැන්නන්ගේ ඉතිහාසය වසර 10,000 කටත් වඩා ඈතට දිව යන්නක් බව ඒ පිළිබඳව හමු වී ඇති සාක්ෂි පරීක්ෂා කිරීමෙන් පෙනී යයි. මේ මුල් පදිංචිකරුවන්ගේ ප්‍රධාන ජීවනෝපාය වූ මාලු ඇල්ලීම සහ දඩයම සඳහා යොදාගත් සුවිශේෂී විධි ක්රමයන්හි නෂ්ටාවශේෂ මේ ප්‍රදේශය පුරා දැකිය හැක. භවබෝග අස්වැන්න, බෙහෙත් ශාක හා ඔවුන්ගේ බොහෝ උත්සව සම්භාෂණ ආදිය පැවැත්වූ ආකාරය පිළිබඳවද මෙම ගං මිටියාවත සඟවා සිටින රහස් බොහෝය.
මෙම ව්‍යාපෘතිය පිළිබඳ අනුමැතිය දුන් බවට වූ නිවේදනය 2014 වසරේදී නිකුත් කරනු ලැබ ඇති අතර එහිදී B.C. මහ ඇමති Christy Clark පවසා තිබුණේ අඩවි සී ව්‍යාපෘතිය මේ සියවසේ ඓතිහාසික සනිටුහනක් වනු ඇති බවයි. වේල්ලේ මූලික ඉදිකිරීම් කටයුතු පසුගිය ග්‍රීෂ්ම ඍතුවේදී ආරම්භ වූ අතර වේල්ලෙහි ජලය හැරවීම සඳහා වන අනුමැතිය ෆෙඩරල් රජය විසින් මෑතකදී ලබා දී තිබුණි.
‘කැනේඩියානු සහ ජාත්‍යන්තර නීතිය තුළ දේශීය ජනතාවගේ අයිතීන් සහතික කිරීමටත් ඒවා ආරක්ෂා කිරීමටත් දැඩි සම්මත අවශ්‍යයි. ලොව පුරා සිටින ආදිවාසී ජනතාව දශක ගණනාවක් පුරා කොන්කිරීම්, වෙනස් කොට සැලකීම්, අහිමි කිරීම්, දිළිඳු කම් ආදි පීඩාවන් රැසකින් ගැහැට විඳිනවා. ඔවුන්ගේ මුල් පදිංචි ඉඩම් සහ ප්‍රදේශ සංවර්ධන කටයුතුවලට බව පවසමින් පවරා ගනිමින් ඔවුන්ගේ උරුමයන්ට බරපතල ලෙස හානි කරනවා.’ මෙම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.
ආදිවාසීන්ගේ පාරම්පරික උරුමයන්ට පමණක් නොව, සාම ගඟ හරහා බැදෙන මෙම වේල්ලෙන් එම ප්‍රදේශයට පාරිසරිකව සිදුවන හානියද මෙම වාර්තාව උපුටා දක්වයි. මෙහිදී ඉඩම් හෙක්ටයාර 5550 කට පමණ සිදුවිය හැකි ගංවතුර හානි සහ පාරිසරික බලපෑම් පිළිබඳව වෙසෙසින්ම මෙහි සඳහන් කොට ඇති අතර එම ඉඩම් ප්‍රමාණයෙන් හෙක්ටයාර 3800 ක්ම කෘෂිකාර්මික ඉඩම් වීම තුළින් මෙයින් වන හානිය ඉතාමත් අධික වී ඇති බව ඔවුන් පවසයි. මෙම ව්‍යාපෘතිය නිසා ඍජුවම පළමු වැසියන්ගේ උරුම අඩවි සහ බල ප්‍රදේශ ගංවතුර තර්ජනවලට ලක් වීම නොවැළැක්විය හැක්කක් වනු ඇති බවත් ශාන්ත ජෝන් මිටියාවතේ කිලෝ මීටර 83 ක පමණ වපසරියක් නිරන්තර ජල ගැලීම්වලට ලක් විය හැකි බවත් මෙහි සඳහන් වේ.
‘ෆෙඩරල් රජය සහ පළාත් ආණ්ඩුව වේල්ල විසින් ඇති කරන පීඩාකාරී තත්ත්වයන් සාධාරණීකරණය කරන්නට උත්සාහ ගත්තද වේල්ල බැඳීමේ සැබෑ අවශ්‍යතාව කුමක්ද යන්න පිළිබඳව පැහැදිලි තහවුරු කිරීමක් සිදුකිරීමට අසමත් වී ඇත. ඔවුන් මේ පිළිබඳව නිසි ගවේෂණයක් සිදු කර නැතැ’ යි වාර්තාවේ අඩංගු කරුණු දැක්වීම්වල සඳහන් වේ.
මෙහිදී උතුරු දිග ප්‍රදේශයේ ආදිවාසී කාන්තාවන් රැසකගේ අතුරුදන් වීම් සහ ඝාතනය වීම් සම්බන්ධයෙන්ද ජාත්‍යන්තර ක්ෂමා ආයතනය කරුණු දක්වා ඇති අතර ඔවුන් සතු මෙවැනි ස්වාභාවික සම්පත් උදුරා ගැනීම්ද කැනඩාවේ ආදිවාසීන්ට සිදුවන ගැහැට පිළිබඳ පරීක්ෂණවලම කොටසක් කරන බව පවසා ඇත.
මෙම වේල්ල බැඳීමෙන් ජනතාවට විශාල ප්‍රයෝජනයක් අත්ව න බවත් නිවාස 450,000 කට ජලවිදුලිය සැපයිය හැකි ගිගාවොට්ස් 5100 ක ධාරිතාවක් නිෂ්පාදනය කළ හැකි බවත් මේ සම්බන්ධයෙන් පළාත් ආණ්ඩුව පවසා ඇත.