නොවැම්බර් 14 වෙනි දින පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකාවේ මහ මැතිවරණය පිළිබඳව ව්‍යාජ සමීක්ෂණ වාර්තා, මත විමසුම් ආදි තොරතුරු සමාජ මාධ්‍ය ඔස්සේ පළ කරමින් පක්ෂයක් හෝ අපේක්ෂකයන් අනිසි ලෙස ප්‍රවර්ධනය කිරීමට හෝ අගතියට පත් කිරීමට කටයුතු කරන පුද්ගලයන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා ඇත. මේ සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා කරුණු පැහැදිලි කර ඇති අතර ඉහත කරුණු සඳහා යම් පුද්ගලයෙකු වැරදි කරුවකු වුවහොත් රුපියල් ලක්ෂයක දඩ මුදලක් හෝ වසර 3 ක සිර දඬුවමක් හෝ මේ දෙකම හෝ ලබා දීමට කටයුතු කරන බව ඔහු එහිදී පැවසීය.
මෙවැනි සිදුවීම් මැතිවරණ කොමිසමේ නීති අංශය මගින් සොයා බලා මැතිවරණ නීති පනත උල්ලංඝනය වී ඇතිිිිිනම් අදාළ පාර්ශවවලට දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක වන බව ඔහු සඳහන් කරයි.
මැතිවරණ කොමිසමේ මේ සම්බන්ධව සමාජ මාධ්‍ය නියාමනය සඳහා වෙනම අංශයක් ක්‍රියාත්මක වන බවත් මැතිවරණ නිරීක්ෂකයින්ද තොරතුරු ලබාදෙන බවත් ඔහු පවසයි.
මෙහිදී TikTok, Instagram යන සමාජ මාධ්‍ය ජාල කෙරෙහි කොමිසමේ වැඩි අවධානය යොමු කර ඇත. ජනාධිපතිවරණ ඡන්ද විමසීමේදී මෙන්ම රාජ්‍ය හා අර්ධ රාජ්‍ය සේවකයන්ද තම පෞද්ගලික සමාජ ජාල ගිණුමක් මෝ වෙනත් ගිණුමක් භාවිත කරමින් යම් දේශපාලක පක්ෂයක් හෝ අපේක්ෂකයෙකු ප්‍රවර්ධනය කිරීම හෝ අගතියට පත් කිරීම මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් යටතට ගැනේ.
Share this Post