මෙවර මහ මැතිවරණයට හිටපු මැති ඇමතිවරු රැසක් මහජන ඡන්ද විමසීමට තරග නොකරන නමුත් ඔවුන් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු එ්මට බලාපොරොත්තුවෙන් සිටී.
ඒ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගාමිණී ලොකුගේ, සී.බී. රත්නායක, නාමල් රාජපක්ෂ, තිස්ස විතාරණ, සාගර කාරියවසම්, තිස්ස කුට්ටිආරච්චි, මහාචාර්ය රංජිත් බණ්ඩාර යන අයත් සමගි ජන බලවේගයේ රංජිත් මද්දුම බණ්ඩාර, ඉම්තියාස් බාකිර් මාකාර්, ඩලස් අලහප්පෙරුම, මහාචාර්ය ජී.එල්. පීරිස්, සුජීව සේනසිංහ, සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ යන අයත් මෙසේ ජාතික ලැයිස්තු නාමලේඛනයේ පසුවෙති.
මෙවර පැවැත්වෙන මහමැතිවරණය සඳහා ශ්‍රී ලංකාවේ දිස්ත්‍ත්‍රික්ක 22 නියෝජනය කරමින් දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් විසින් ඉදිරිපත් කළ නාමයෝජනා පත්‍රවලින් 690 ක් මේ වන විට මැතිවරණ කොමිසම අනුමත කොට ඇත.
පාර්ලිමේන්තු මැතිවරණය සඳහා නාමයෝජනා භාර ගැනීම සහ ඇප මුදල් තැන්පත් කිරීම පසුගිය 11 වැනි දා දහවල් 12 ට අවසන් වන අතර පස්වරු 12 සිට 1.30 දක්වා විරෝධතා ඉදිරිපත් කිරීමට කාලය ලබා දී තිබුණි. එහිදී නාමයෝජනා 74 ක් ප්‍රතික්ෂේප වී ඇත.

Share this Post